” පටන්ගැන්මේදී ” – අරමුණ ගැන පසු විපරම

 

 

මීට කලින් post දෙකකින්   (ඇත්තටම අවුරුදු 1කට කලින් )  ” පටන්ගැන්මෙදී ” යන මාත්තෘකාව යටතේ ලිපි දෙකක් ඉදිරිපත් කලා. ඉතින් මට ඒක ඉවර කරගන්න වුනේ නැහැ මගේ තිබුන වැඩ රාජකාරිත් එක්ක. ඉතින් ඒ ලිපි පෙළ ඉදිරිපත් කරන්න පළමුවෙන් හිතුන ආයෙත් ඒ ගැන කතා කලොත් හොදයි කියල. මොකද මම කියවලා , internet ඒකේ හොයල ඉගෙන ගත්ත දෙයක ප්‍රථිපලයක් විදියට තමයි මේ ලිපි පෙළ දාන්නා හිතුවේ. හේතුව ඔබේ අදහස් එක්ක ගැටෙමින් අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන ආසාව නිසා (මේකට කියන්නේ “උන” කියල). 


හැබැයි ඉතින් කියවගෙන යද්දි ටිකක් අමාරු වචන එහෙම තියෙන්න පුළුවන්. හේතුව මන් මේ දේවල් පැහැදිලි කරන්නේ විද්‍යාව සම්බන්ද කරගෙන. බර වචන තිබුනට upset ගන්න දෙයක් නැහැ. පුළුවන් තරම් සරල භාෂාවෙන් තමයි දෙන්න බලන්නේ. 


මේ මාතෘකාවේ අරමුණු කීපයක්ම තියෙනවා. 


01. දෙවියන්වහන්සේ  මිනිසා හට ලබා දෙන සත්‍ය ප්‍රේමය ගැන බයිබලයේ අදහස පැහැදිලි කිරීමට, 


02. මිත්‍යාව , අවිද්‍යාව තුල අතරමං වී සිටින වත්මන් මිනිසාට (කිතුනු / නොකිතුනු) ” නව ජාතියක ආරම්භය සිදුවුයේ කෙසේද යනවග පැහැදිලි කිරීම වෙනුවෙනි. 



මේ ලිපි ටික ඉදිරියට කියවගෙන යද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම දෙයක ලෝකය තුල වෙලා තියෙනවාද කියන එක. හැබැයි ඉතින් මගේ උත්සාහය නම් පුළුවන් තරම් තර්කානුකුලව මෙවදේ ඉදිරියට කරගෙන යන්න. මේ සදහා මන විශේෂයෙන්ම උපයෝගී කරගත් පොත වුනේ ” ශුද්ධ බයිබලය“යි. 


ඒහා අමතරව තවත් පොත් කීපයක්ම යොදා ගත්ත. මීට අමතරව ප්‍රධාන ලෙසම ලංකා බයිබල් විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වරයෙක් වූ “අජිත් ක්‍රිස්ටෝපර් රාජ් ” දේවගැතිතුමා විසින් රචිත ” පටන්ගැන්මෙදී ” යන කෘතියද සමග තවත් පොත් කීපයක් (උත්පත්ති පොත ආශ්‍රිත) යොදා ගත්තා. ඉස්සෙල්ල කියපු පොත නිසා තමයි මට මේ ලිපි පෙළ දාන්නම හිතුනේ. ඉතින් ඒ පොතට දාල තිබුන මාතෘකාවම මන් මේකටත් යොදා ගත්තා. 


ඔන්න ඕව තමයි ඉතින් මේ වැඩේ කරන්න මාව දිරිමත් කලේ. කොහොමින් කොහොම හරි මං දන්නා , ඉගෙර්ණ ගත්ත දේ තමයි ඉතින් බෙදන්නට යන්නේ. සෑහෙන දිග ලිපි පෙළක්. නමුත් ඉවර කරනනම ඕනේ. ඉතින් හමුවෙමු ඉදිර්යේදී නැවතත් නවතපු තැනේ ඉදන් පටන් ගන්න. 



ඔන්න ඉතින් කියන්න ඕන ටික ඔක්කොම කීවා … ගිහින් එන්නම් .. අලුත් ලිපියකින්….